Tuesday, February 4, 2014

වාහනේ හීට් කට්ට........


වාහනේ හීට් මීටර් එක වෙලාවකට පෙන්නනවනෙ එන්ජිම පට්ට කූල් කියල, තව වෙලවකට පෙන්නනව මධ්‍යස්ථ පිහිටීමක්. එන්ජිම කූල් වෙවී රත් වෙනවද? ඔන්න නිකමට හිතුන හොයල බලන්න. ඒක හොයන්න ගිහින් රේඩියේටර් එකේ සම්පූර්ණ වැඩ කෑල්ලම ගොඩ දාගත්ත.

  වාහන ඇන්ජිමේ සිලින්ඩර් තුල දහනය නිසා ඇතිවන තාපයෙන් වැඩි කොටසක් ඇන්ජිමේ ලෝහ වලට උරා ගන්න නිසා පට්ට විධියට ඇන්ජිම රත් වෙනව. ඕක ගොඩ දාගන්න තමයි ඉතිං රේඩියේටර් එකට තියන ජොබ් එක. රේඩියේටර් එකේ තියනවා ඉහල ටැංකිය සහ පහල ටැංකිය කියල ටැංකි 2ක්. ඇන්ජිම ස්ටාර්ට් කරපු ගමන් පම්පයක් මගින් රේඩියේටර් එකේ පහල ටැංකියෙ තියන වතුර ඇන්ජිමේ සිසිලන අවකාශවලට ඇදල ගන්නව.

ඇන්ජිමේ සිසිලන අවකාශවල වතුර පිරුනට පස්සෙ වතුර එළියට යන නලයෙ තියනව පොඩි ටැප් එකක් වගේ ගැජ්ට් එකක්. ඔන්න ඕක තමා අපේ හීට් කට්ට විධියට වැඩ කරන්නෙ. දැන් ඇන්ජිමේ සිසිලන අවකාශ වලට වතුර ආපු ගමන් නිසා වතුර කූල්. වතුර එලියට යවන ටැප් එක ඇරෙන්නෙ වතුර වල උෂ්ණත්වය ඇන්ජිමේ සත්‍ය උෂ්ණත්වයට සමාන වුන වෙලාවට විතරයි. අලුත් වතුර තාම කූල් නිසා ඩැෂ් බෝඩ් එකේ හීට් කට්ටෙන් පෙන්නනන්නෙ කූල් කියල. නමුත් ඌ අපිට පෙන්නනෙ ඇන්ජිම වටේ තියන වතුරවල උෂ්ණත්වය. වතුර එන්න එන්න රත් වෙනවත් සමග අපිට පේනව හීට් කට්ට ටික ටික උඩ යනව. වතුර ඇනිජිමේ සත්‍ය උෂ්ණත්වයට ආපු ගමන් ඇන්ජිමේ සිසිලන අවකාශවල ජලය පිටතට යන ටැප් එක විවෘත වෙනව.

සිසිලන අවකාශවල තිබුන සුපිරි විධියට රත් වෙච්ච වතුර ටික රේඩියේටර් එකේ ඉහල ටැංකියට එන අතරෙ පහල ටැංකියෙ තියන වතුර ඇන්ජිම කූල් කිරීමෙ මෙහෙයුමට ඇන්ජිමේ සිසිලන අවකාශ වලට රිංගනව. පහල ටැංකියෙන් ආපු සිසිල් වතුර අර හීට් ටැප් එකෙ වැදුන ගමන් ඌට මීටර් වෙනව වතුර ඇන්ජිමට වඩා පට්ට කූල් කියල. ඌ පටස් ගාල ආපහු ටැප් එක වහගන්නව. ඔන්න ඔය වෙලාවට තමා ඩෑෂ් බෝඩ් එකේ හීට් කට්ට විකාරෙන් වගේ පහලටම බහින්නෙ. ඇත්තටම හීට් මීටර් එක අපිට පෙන්නන්නෙ ඇන්ජිමේ උෂ්ණත්වය නෙවේ, ඇන්ජිම වටේ තියන වතුරවල උෂ්ණත්වය.

රත්වුන වතුර ඇන්ජිමෙන් එලියට එන කොටම රේඩියේටර් ෆෑන් එක ඔන් වෙලා ගේම පටන් ගන්නව. වතුර රේඩියේටර් එකේ ඉහල ටැංකියෙ සිට පහල ටැංකියට වංගු නව නව වැටෙනව. ඉහල ටැංකියට එන වතුර වල උෂ්ණත්වය වැඩි නිසා පීඩනය ඉහල යනව. පීඩනය ඉහල ගියොත් ඇන්ජිමෙන් එන වතුර ඉහල ටැංකියට එන එක නවතින නිසා තමයි  රේඩියේටර් කැප් එකත් ගැජට් එකක් කරල තියෙන්නෙ. පීඩනය වැඩිවෙන කොට රේඩීයේටර් කැප් එක ඕෆ් ලෝ ටැංකියට තියන එන්ට්‍රන්ස් එකත් අරිනව. ඕෆ් ලෝ ටැංකියට වතුර පිරෙන්නෙ ඔන්න ඔයවෙලාවට තමයි.

දැන් තේරෙනව නේද....
1) හීට් කට්ට උඩ පහල යන්නෙ ඇයි?
2) හීට් කට්ට පහල වැටෙන කොටම බොනට් එකෙන් ඇහෙන ෆෑන් ස්වුන්ඩ් එක මොකද්ද?
3)ඕෆ් ලෝ ටැංකිය පිරෙනේ කොහොමද?

ඇන්ජිමේ උෂ්ණත්වය හරියටම බලා ගන්න ඕනනම් හීට් කට්ට එක පරටම පහලට වැටෙන තැන බලන් ඉන්න. අන්න ඒක තමා ඇන්ජිමේ සත්‍ය උෂ්ණත්වය. ඕක බලන්න ගිහින් වාහනේ ඇන ගන්නව එහෙම නෙමෙයි ඔන්න.


මේ විඩියෝ එකේ කතාව හොදට තියනව....


2 comments:

About Me

My photo
මොරටුව පරිඝණක ඉංජිනේරු විද්‍යා අංශයේ තමා ඉගෙන ගත්තෙ.... දැන් මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ කරනව... අනිත් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන, මම දන්න දේවල් බ්ලොග් කරන්න තමා ආස.....