Wednesday, August 4, 2010

වාහනයක ඇන්ජිම මාරු කරොත් මොකද වෙන්නේ.........

වාහනයක ඇන්ජිම මාරු කරන්න වෙන්නෙ එක්කො වාහනයේ එනජිම ගෙවුනම, නැත්නම් පෙට්ට්‍රල් එකක් ඩීසල් කරන්න ඕන උනොත් තමයි.
හැබැයි පොතේ විදියට වැඩේ කරන්න නම් මාරු කිරීම සිදු කරන්න කලින් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ගන්න ඕන. තිබුන ජාතියෙම ඇන්ජිමක්ම නම් අලුතින් තියන්නෙ ඉක්මනට අවසර ගන්න වැඩේ කරගන්න පුලුවන්. පෙට්ට්‍රල් එකක් ඩීසල් කරන්න ගියොත් නම් කට්ට. අවසර අරගත්තට පස්සෙ ඇන්ජිම තියන්න පුලුවන්. මතක ඇතුව ඇන්ජිම ගත්ත බිල් එක නැතිකරන් නැතුව තියාගන්න, අවසර ගන්න කොට අනිවාර්යෙන් බිල් එක ඕන වෙනවා. අපි ඇන්ජිම මාරු කරලා වාහනේ රථ වාහන දෙපර්තමේන්තුවේ පරීක්ෂක මහත්තයෙක්ට පෙන්නන්න ඕන. ලස්සනම වැඩේ තියෙන්නෙ දැන් තමයි. මොකද අපි මාරු කරේ ඇන්ජිම විතරක් නිසා අපිට හිතෙන්නෙ පරීක්ෂකතුමා ඇන්ජින් එක විතරක් බලයි කියලනේ, නමුත් අපේ මුලු වාහනේම පරීක්ෂා කරනවා. මේ ගැන දන්නැතුව ගියොත් බඩුම තම්යි.


වැඩේ වෙන්නේ මෙහෙමයි...
මුලින්ම වාහනේ බර කිරන්න දානව. එතන ගහල තියනවා වාහනේ ඇන්ජින් අංකය සහ තහඩු අංකය හොදින් පිසදා තබන්න යනුවෙන්.මේ ගැන මුකුත් නොදැන එතනට ආපු කෙනෙක් ඉතිං ෆුල් නන්නත්තාරයි. මොකද අංක ටික පේන්න හූරන එක ලේසි නෑ. මජන් ටික යවන එක ඊට වඩා අමාරුයි. පරීක්ෂකතුමාගෙන් බේරෙන එක තමයී ඊට වඩා අමාරු. මතක ඇතුව කාගෙන් හරි ඉල්ලගෙන හරි කමක් නෑ අලුත් ටයර් සෙට් එකක් දාගෙන යන්න. ටයර් ගෙවිල තිබුනොත් අතින් ගානක් කයිට්. ප්‍රධාන ලාම්පු ඇරුනම තියන ෆොග් ලාම්පු ගලවන් යන්න, කවර් කරල තිබුනට වැඩක් නෑ.එහෙම නොවුනොත් එතන තියන් ලාම්පු දෙක ගලවල පෙන්නන්න තමයි වෙන්නෙ. පරීක්ෂකතුමා බලන හැම වහනේකම මොකක් හරි අඩුවක් පෙන්නනවමයි. තමන්ගෙ වාහනේ අඩු පාඩු වැඩිවෙනවා කියන්නෙ, යටින් වැඩි ගානක් යනව කියන එක තමයි. ඒක නිසා රථ වාහන පරීක්ෂකතුමෙක්ට තමාගේ වාහනය පෙන්වන්න කලින් මේ ගැන දැනුවත් වෙලා යන්න.


තමන්ට කැමතිනම් මේ කිසිම කට්ටක් නොකා කිසිම අවසරයක් නැතුව උනත් ඇන්ජිම මාරු කරල, මාරු කරේ නෑ වගේ කිසි අවුලක් නතුව ඉන්න පුලුවන්. හැබැයි කවද හරි දවසක ඔබේ ඇන්ජිමේ අංකය පරීක්ෂාවට ලක් වුනොත් අනවශ්‍ය කරදර වලට මුහුන දෙන්න වේවි. වාහනේ විකුණන දවසක මිල දී ගන්න ආපු ඩයල් එක නිකමටවත් පොතේ අංකෙත් එක්ක ඇන්ජිමේ අංකෙ චෙක් කරොත් අතේම මාට්ටුනේ. ඒක නිසා නීතියානුකූලව මාරු කරල තියා ගන්න එක හොදයි.

කොහොම උනත් අලුත් ඇන්ජිමට පරණ ඇන්ජිමේ අංකය ඔරිජිනල් විදියටම කොටල දෙන හොර පොට් ඕන තරම් තියන නිසා ගොඩක් කට්ටිය අර වගේ ලොකු කට්ටක් කන්න රථ වාහන දෙපාර්තමේන්තුව පැත්තෙ එන්නෙ නම් හරි අඩුවෙන් තමයි..............

4 comments:

  1. ela ela machn ohoma yan apen gata :)

    ReplyDelete
  2. ela machn engine maru karaganna ona unoth uba hamba wenna ennam :p

    ReplyDelete
  3. I'm still thinking about the last line...

    කොහොම උනත් අලුත් ඇන්ජිමට පරණ ඇන්ජිමේ අංකය ඔරිජිනල් විදියටම කොටල දෙන හොර පොට් ඕන තරම් තියන නිසා ගොඩක් කට්ටිය අර වගේ ලොකු කට්ටක් කන්න රථ වාහන දෙපාර්තමේන්තුව පැත්තෙ එන්නෙ නම් හරි අඩුවෙන් තමයි..............

    Fraud! :|

    ReplyDelete

About Me

My photo
මොරටුව පරිඝණක ඉංජිනේරු විද්‍යා අංශයේ තමා ඉගෙන ගත්තෙ.... දැන් මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ කරනව... අනිත් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන, මම දන්න දේවල් බ්ලොග් කරන්න තමා ආස.....